Press "Enter" to skip to content

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ නව සන්ධානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැඩි විරෝධය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය විසින් එයට අත්සන් කිරීමට නියමිත නව සන්ධානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැඩි විරෝධය එල්ල වී ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ පැවති අවස්ථාවේදී මෙම විරෝධය එල්ල වී ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එකඟතාවයක් සම්බන්ධයෙන් පවත්වනු ලබන සාකච්චා තවම අවසන් වී නොමැති නිසා මෙවැනි සංධානයක් පිහිටුවීම ගැන තම විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඒහිදී ප්‍රකාශ කර තිබෙන බව ද වාර්තා වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *