Press "Enter" to skip to content

සංචරණ සීමා 28 වනදා තෙක් දිගටම

කොවිඩ් – 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අඛණ්ඩ සංචරණ සීමා පැනවීමට රජය ගත් තීරණයට අනුව ඊයේ රාත්‍රී 11.00 සිට දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවනු ලැබු අතර එය මැයි මස 28 වන දින දක්වා ක්‍රියාත්මක වන බව රජය අද නිවේදනය කළේය.

 

මීට පෙර මැයි මස 25 වනදා සහ 28 වනදා සංචරණ සීමා ඉවත් කිරීමට නියමිතව තිබුණද එම දිනවල සංචරණ සීමා ඉවත් නොකිරීමට රජය තීරණය කර තිබේ.

 

එසේ වුවද 25 සහ 28 යන එම දිනවලදී එක් නිවසකින් එක් අයෙකුට පමණක් ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිළදි ගැනීම සඳහා ළඟම වෙළෙඳසැලට යා හැකිය.

 

කෙසේ වෙතත් එම සංචරණ සීමා අත්‍යවශ්‍ය සේවා සඳහා වලංගු නොවන බව රජය සහ කොවිඩ් කාර්ය සාධන බලකාය නිවේදනය කර තිබේ.

 

සංචරණ සීමා පැනවීම හේතුවෙන් කොළඹට පිවිසෙන සහ පිටවන ප්‍රධාන ස්ථානවල අද උදෑසන වන විට දිස්වුයේ දැඩි පාලු ස්වභාවයකි.

 

එමෙන්ම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ගමන් කරන පුද්ගලයින් පොලිස් මාර්ග බාධක වලදි දැඩි සෝදිසියකට ලක් කිරීමට කටයුතු කෙරෙන බවද බලධාරීන් පවසයි.

 

කුඹියෝ නිවුස් වට්ස්ඇප් ගෲප් සඳහා එක්වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *