Press "Enter" to skip to content

සත්‍ය සෙවීමේ කොමිසම පනත රණවිරුවන් පාවාදීමට සහ රටේ ඒකීයභාවය අවසන් කිරීම සඳහා ගෙනා මර උගුලක් – වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

2015 සිට මෙරට යුද්ධය අවසන් කළ වීරෝධාර රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තරයෙන් චෝදනා එල්ල වූ බවත්, ඒ සඳහා 30/1 නමින් යෝජනාවක් ගෙන ආ බව හා මේවන විටත් රණවිරුවන්ට හා රටේ ඒකීය භාවයට එරෙහිව පනත 7ක් මෙරට සම්මත වී ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

 

මෙහි 8 වැනි පනත ලෙස සත්‍ය සෙවීමේ කොමිසම් පනත ගැසට් කර ඇති බවද, රණවිරුවන් පාවාදී නැවත රට බෙදුම්වාදයේ ගොදුරක් බවට පත් කිරීමට මෙම පනත ගැසට් කර ඇති බවද, එය නීතියක් බවට පත්කළ පසු එයින් ගැලවීමට නොහැකි වන බවද ඒ මහතා පවසයි.

 

මෙම පනත බලාත්මක වූ පසුව පෙර සම්මත කළ පනත් 7 බලවත්ව හා ශක්තිමත් ලෙස සක්‍රීය වන බවත්, වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

 

අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත, බලහත්කාරයෙන් අතුරුදන් කිරීම වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත, වන්දි ගෙවීමේ කාර්යාල පනත, පිටුවහල් කිරීමේ සංශෝධිත පනත, අපරාධකරුවන් හා තොරතුරු හුවමාරු කරගැනීමේ පනත, යන පනත් මෙසේ ක්‍රියාත්මක බවද දැනටමත් ITJP නමැති සංවිධානය මෙරට රණවිරුවන් 47 දෙනෙකු පිළිබඳව යුද අපරාධ චෝදනාඉදිරිපත් කරමින් නම් ලැයිස්තුවක් සාදා ඇති බවද ඒ මහතා පවසයි.

 

වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ රූපවාහිනී සංවාදයකට එක්වෙමිනි.

 

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *