Press "Enter" to skip to content

ජාවාරම්කරුවන්ට බදු සහන… ජනාධිපතිට බලය… නව පනත මෙන්න – වෛද්‍ය වසන්ත බණ්ඩාර

රටේ පවතින ආපදා තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් ආණ්ඩුව එකින් එක පනත් ගෙනවිත් සම්මත කිරීමේ ක්‍රියාදාමයක නියැලී සිටින බවත්, මහ බැංකු පනත ගෙනවිත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය ලෙස මෙරට මූල්‍ය පද්ධතිය පාලනය කිරීමට අවශ්‍ය තත්වය නිර්මාණය කිරීම මෙන්ම දූෂණ විරෝධී පනත හරහා දූෂිතයන් රැකීම හා දේශීය වෛද්‍ය ක්‍රමය විනාශ කිරීමට නව පනතක් ගෙන ඒම වැනි ක්‍රියාවන් ආණ්ඩුව දිගින් දිගටම සිදුකරමින් සිටින බවත් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මෙලෙස ගෙන එන ආණ්ඩුවේ අලුත්ම පනත වන්නේ පාර්ලිමේන්තු පනතක් මගින් සම්මත කළ වානිජ දෙපාර්තමෙන්තුව වසා දමා ඒ වෙනුවට අලුතින් ලේකම් කාර්යාලයක් නිර්මාණය කරමින් එය ජත්‍යන්තර වෙළෙඳ කාර්යාලය ලෙස ස්ථාපනය කිරීමට ගෙන එන පනත බවද, එම වෙළෙඳ කාරයාලය ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන ප්‍රධානියකු යටතේ පාලනය වීම සිදුවන බවද වසන්ත බණ්ඩාර මහතා පවසයි.

 

ජනාධිපතිවරයා ඉන්දියාවට ගොස් එකඟ වූ ක්ෂේත්‍ර 5ක ගිවිසුම් වලින් එකක් මෙය බවත්, මෙම කාර්යාලය ස්ථාපිත කළ පසුව සාකච්ඡා කණ්ඩායම් තීරණ කිරීමේ අයිතිය පවා පැවරෙන්නේ ජනාධිපතිවරයාට බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

 

ඒ මහතා මේ බව පැවසුවේ ජාතික සංවිධාන එකමුතු විසින් පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

 

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *