Press "Enter" to skip to content

සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල තවමත් නැහැ… ඔලුවෙන් හිටගෙන ඉල්ලුවත් දෙන්න විදිහක් නැතැයි නිලධාරීහු කියති… දරුවන් අර්බුදයක

පසුගිය වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව ඒ සඳහා නැවත ප්‍රතිඵල සමීක්ෂණ ඉල්ලුම්කළ දරුවන්ගේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේ වනතෙක් නිකුත් කර නොමැති බව වාර්තා වේ.

 

මීළඟ වසරේ සාමාන්‍යපෙළ විභාගය සඳහා කාලසටහන ද නිකුත්කර ඇති පසුබිමක නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබානොදීම හේතුවෙන් දරුවන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවද සඳහන්ය.

 

දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් මේ පිළිබඳව අදාළ නිලධාරීන්ගෙන් විමසීමේ දී එම නිලධාරීන් පවසා ඇත්තේ “ඔලුවෙන් හිටගෙන ඉල්ලුවත් නැවත ප්‍රතිඵල ලබාදිය නොහැකියි”  බව යැයි දෙමාපියෝ චෝදනා නගති.

 

අප මේ පිළිබඳව අදාළ නිලධාරීන්ගෙන් කළ විමසීමක දී ඔවුන් පවසන්නේ මෙවර වෙනත් වසර වලට වඩා ප්‍රතිඵල පසු සමීක්ෂණයට වැඩි දෙනෙකු ඉල්ලුම් කර ඇති බවත්, ඒ සදහා ගුරුවරුන් සොයාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබීම හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවත්ය.

 

කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වන පාර්ශ්ව පෙන්වා දෙන්නේ මෙය නිලධාරීන්ගේ බැරිකම වසාගැනීමට ඔවුන් ලබාදෙන පිළිතුරු බවය.

 

එමෙන්ම උසස්පෙළ සඳහා විෂයන් තෝරා ගැනීමේ දී මෙම ප්‍රතිඵල ප්‍රමාදය නිසා දරුවන් දැඩි දුෂ්කර තත්ත්වයකට පත්ව ඇති අතර, මෙම ප්‍රතිඵල මත විද්‍යා විෂය දාරාව තෝරාගැනීමට හැකි දරුවන් නිකුත්කර ඇති ප්‍රතිඵල මත කලා විෂය දාරාව තෝරාගැනීමට අකමැත්තෙන් හෝ යොමුවීමට සිදුව තිබීම අවාසනාවන්ත තත්ත්වයකි. එනිසා මේ පිළිබඳව අදාළ බලධාරීන්ගේ අවධානය අනිවාර්යෙන්ම යොමුවිය යුතු බව විවිධ පාර්ශව පෙන්වා දෙති.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *