Press "Enter" to skip to content

හිටපු ජනපති මෛත්‍රීට ස්ථිර අතුරු තහනම් නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතානගේ මහතා  අද (24)නිකුත් කළේය.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු හා සංස්කෘතික සංවිධායක ලෙස කටයුතු කළ මුන්ටිගූ සරච්චන්ත්‍ර මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු එම පක්ෂයේ සිව් දෙනෙකුට එරෙහිව පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව නිකුත් කළ මෙම අතුරු තහනම නඩුව විභාග කර තීන්දුවක් ලබා දෙන තෙත් ක්‍රියාත්මක වේ.

 

සර්චන්ද්‍ර මහතා 2022 වසරේදී මෙම නඩුව පවරා ඇති අතර  මහතා වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ සාන්ත ජයවර්ධන මහතා අධිකරණයට පවසා සිටියේ මෛත්‍රිපාල සිරිසේන මහතා 2019 හා 2021 වසරේදී සභාපති ධුරයට පත්වීම නීති විරෝධී බවය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ ව්‍යවස්ථාවේ දොළොස් වැනි වගන්තිය අනුව හිටපු ජනාධිපතිවරයෙකුට පක්ෂයේ සභාපති ධුරය ඉසිලිය නොහැකි බවද,ඔවුන් අනුශාසකයින් ලෙස කටයුතු කළ යුතු බවද කරුණු දැක්වීය.

 

පැමිණිල්ලේ කරුණු සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරයා අතුරු තහනම් නියෝගය නිකුත් කළ අතර විත්තිය විරෝධතා ජුනි මස 24 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට දන්වා සිටියේය. සිරිසේන මහතා වෙනුවෙන් නීතිඥ ජයමුදිතා ජයසූරිය මාත් මේ සමග නීතිඥ සම්පත් පෙරේරා මහතා පෙනී සිටියේය.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *