Press "Enter" to skip to content

එජාපයේ නව සන්ධානය චතුරගේ ගෙදරට

එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිරිකොත අතහැර චතුර සේනාරත්න මන්ත්‍රීවරයාගේ නිවස යෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ මූලස්ථානය ලෙස තෝරාගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග වලින් අනාවරණය වේ.

චතුර සේනාරත්න මන්ත්‍රීවරයාගේ නිවස පිහිටා තිබෙන්නේ කොළඹ 5 ශ්‍රී සම්බුද්ධ ජයන්ති මාවත අංක 146/20 යන ස්ථානයේය. මෙම නිවසට නව සන්ධාන මූලස්ථානය ගෙන යාම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරයේ එකඟතාවයක් නොමැති බව අනාවරණය වේ.

මේ සම්බන්ධයෙන් පසුගිය කෘත්‍යාධීකාරී මණ්ඩල රැස්වීමේදී දැඩි විරෝධයක් පළ කළේ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ය. යෝජිත නව සන්ධානයේ ලිපිනය වහාම සිරිකොත පක්ෂ මුලස්ථානය විය යුතු බවට ඔහු සංශෝධනයක්ද යෝජිත සන්ධානයේ කෙටුම්පතට ඉදිරිපත් කර තිබේ.

චතුර සේනාරත්න මහතා පසුගිය ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දැඩි ලෙස වාග් ප්‍රහාරයක් එල්ල කරමින් ප්‍රකාශ කර ඇත්තේ වැඩිය දැඟලීමට පැමිණියහොත් ඔවුන් අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *