Press "Enter" to skip to content

එ.ජා. මානව හිමිකම් කොමසාරිස්ගේ ශ්‍රී ලංකාවට එරෙහි චෝදනාවට ජිනීවාහි එක්සත් ජාතීන්ගේ වැඩබලන නිත්‍ය නියෝජිතවරියගේ විරෝධය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය පසුගියදා නිකුත් කළ නිවේදනයක් මගින් ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශනයේ අයිතිය සීමා කර පුද්ගල නිදහස උල්ලංඝනය කර ඇතැයි යන ප්‍රකාශයට ශ්‍රී ලංකාව නිල වශයෙන් විරෝධය පළ කර තිබේ.

මහ කොමසාරිස්වරිය පසුගිය ජුනි 03 වැනිදා නිකුත් කළ නිවේදනයකින් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ රටවල් කිහිපයකට උක්ත චෝදනාව එල්ල කර තිබිණි. එම ප්‍රකාශයට ශ්‍රී ලංකාව වෙනුවෙන් විරෝධය පළ කර ඇත්තේ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ වැඩබලන නිත්‍ය නියෝජිත දයානි මෙන්ඩිස්ය.

එම නිවේදනයෙන් මහ කොමසාරිස්වරිය චෝදනා කර තිබුණේ ශ්‍රී ලංකාවේ වැඩ බලන පොලිස්පතිවරයා නිකුත් කළ විශේෂ නියෝග මාලාවක් මගින් රාජ්‍ය නිලධාරීන් විවේචනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරන බවයි.

එම චෝදනාවට පිළිතුරු දෙන වැඩබලන නිත්‍ය නියෝජිතවරිය පවසන්නේ ‘‘හුදෙක් විවේචනයක් හෝ ව්‍යාජ ද්වේෂ සහගත පණිවුඩ හුවමාරු කර ගැනීම පදනම් කර ගනිමින් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට උපදෙස් ලබා දී නොමැති බවයි. ඇය පවසන්නේ රාජ්‍ය නීතිය හා සාමය කඩාකප්පල් කිරීමේ ක්‍රියාවන්, රාජ්‍ය සේවකයන්ගේ රාජකාරි සාපරාධී ලෙස සීමා කිරීම ආදී ක්‍රියාවන්හිදී පමණක් අදාළ නියෝග ක්‍රියාත්මක කරන බවයි.

තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *