Press "Enter" to skip to content

නවසීලන්ත ක්‍රිකට් නායකයා ට ශ්‍රී ලාංකිකයින්ගෙන් උපන්දින කේක් (විඩියෝ)

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක කේන් විලියන්සම් ගේ උපන් දිනය වෙනුවෙන් අද දින ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීන් පිරිසක් ඔහුට උපන්දින කේක් ගෙඩියකින් සංග්‍රහ කර ඇත.

මෙම සිදුවීම සිදුවී ඇත්තේ නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කණ්ඩායම් අතර අද කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේදී පැවති ක්‍රිකට් තරගය අතරතුර දී ය. නවසීලන්ත නායකයාගේ උපන්දිනය අද දින බව දැනගත් තරඟය නැරඹීමට පැමිණි ශ්‍රී ලාංකි‍ක ප්‍රේක්ෂකයින් පිරිසක් උපන්දින කේක් ගෙඩියක් ගෙනවිත් ඔහු සමඟ සතුට බෙදා ගෙන ඇත.

එම ක්‍රීඩා ලෝලීන් විසින් කේන් විලියන්සම්ට ඉතා උණුසුම් සුබපැතුම් පිරිනමා තිබීම විශේෂත්වයකි. මීට ප්‍රතිචාර දක්වමින් එම ක්‍රීඩා ලෝලීන් අතරට ගිය කේන් විලියන්සම් ඔවුන්ට සමරු සටහන් ලබා දී ඔවුන් සමග කේක් අනුභව කරමින් උපන්දිනය සමරා ඇත්තේ ඔහුගේ නිහතමානී මහත්මා ගුණය යළිත් වරක් ලෝකයටම පෙන්වමිනි.

https://youtu.be/7OGRSvtDU3k

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *