Press "Enter" to skip to content

නිදහස් සංචාරක වීසා දීමෙන් බිලියන 10ක පාඩුවක්

ඉන්දියාව, චීනය ඇතුළුව රටවල් 45ක් සඳහා ලබන මස 01 වැනිදා සිට නිදහස් සංචාරක වීසා පහසුකම් ලබාදීම හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවට වසරකදී රුපියල් බිලියන 10ක පමණ පාඩුවක් සිදුවන බව වාර්තා වේ.

සංචාරක ව්‍යාපාරය නගාසිටුවීම සඳහා සංචාරක කටයුතු අමාත්‍යාංශය හා අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය අතර පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙන් මෙම තීරණයට එළඹ ඇතැයි රජයේ ආරංචි මාර්ග අනාවරණය කරයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුව සංචාරක වීසා මගින් මෙම වසරේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 14ක් බවද පැවසේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සංචාරක ව්‍යාපාරයට එල්ල වූ තර්ජන හා පසුබෑම් සමනය කිරීම සඳහා මෙම නිදහස් සංචාරක වීසා සහනය ක්‍රියාත්මක කර ඇතැයිද දැනගන්නට තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් මේ පිළිබඳව කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේ මීට පෙර මුදල් අයකර ලබාදුන් සංචාරක වීසා නොමිලේ ලබාදීමට සිදුවී ඇති බවය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *