Press "Enter" to skip to content

මෛත්‍රී සමග සජිත් ඩීල් ද? එජාප පසුපෙළ කිහිපදෙනෙකුට සජිත් ගැන සැකයක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර යම් එකඟතාවක් ඇති වී ඉදිරි ජනාධිපතිවරණයට එක්ව කටයුතු කිරීමේ සූදානමක් පවතිනවා ද යන්න එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් අතර දැඩි කතාබහක් ඇති වී තිබෙන බව වාර්තා වේ.

මෙම සැකය නිසා මීට කලින් සජිත් පේමදාස අමාත්‍යවරයාට සහයෝගය ලබා දීමට ඉදිරිපත් වූ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් කිහිප දෙනකු මේ වන විට නිහඬතාවයක් අනුගමනය කරමින් සිටින බවද වාර්තා වේ. ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ද සජිත් පේමදාස මහතා වෙනුවෙන් කිසිවෙකු අදහස් ඉදිරිපත් නොකිරීමද විශේෂ සිද්ධියකි. එම රැස්වීම අතරතුර තේ පැන් සංග්‍රහයට වූ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවු දෙනකු එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨ අමාත්‍යවරයෙකුට ප්‍රකාශ කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග යම් එකඟතාවක් ඇති කර ගතහොත් එය අනුමත කළ නොහැකි බවයි.

සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් බිලි බෝයිස්ලා වීමට තමන් මෙය අවස්ථාව දි අකමැති බවද ඔවුන් ප්‍රකාශ කර ඇත. තවදුරටත් සජිත් පේමදාස මහතාගේ හැසිරීම බලා තීරණයක් ගන්නා බවද ඔවුන් මෙම අමාත්‍යවරයා සමග ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *