Press "Enter" to skip to content

මෙරට නිදහස් වීසා ලබාදුන් රටවල් අතරට චීනය හා ඉන්දියාව

මෙරට නිදහස් වීසා ලබාදුන් රටවල් අතරට චීනය හා ඉන්දියාව ද ඇතුළත් කළ බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

මේ අතර මීට පෙර නිදහස් වීසා බලපත්‍ර නිකුත් කළ රටවලට අමතරව ඩෙන්මාර්කය, ස්වීඩනය, නෝර්වේ, ෆින්ලන්තය , අයිස්ලන්තය, පිලිපීනය, රුසියාව සහ එංගලන්තය යන රටවල් ද ඊට ඇතුළත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

චීන මාධ්‍යවේදීන් ඇතුළු සංචාරකයින් පිරිසක් කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියාසිටියේ. චීන මාධ්‍යවේදීන් 28 දෙනෙකු මේ සදහා එක්ව සිටියහ. අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ආරාධනයකට අනුව මෙම සංචාරකයින් පිරිස පැමිණ ඇත.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *