Press "Enter" to skip to content

අමෙරිකාවේ කොරෝනා මරණ 100 ඉක්මවයි

අමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා මරණ ගණන සියය ඉක්මවයි.

එරට බටහිර වර්ජිනියා ප්‍රාන්තයෙන්ද කොරෝනා ආසාදිතයෙක් හමුවීමත් සමග ප්‍රාන්ත 50ම වෛරසයට ගොදුරුවී ඇති බව නිවේදනය කෙරුණි.

එරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයන් ගණන 6400කට අධිකයි.

ගැම්බියාව ඇතුළු අප්‍රිකානු කලාපයේ රටවල් රැසක්ද මේ වන විට නව කොරෝනා වෛරසයට ගොදුරුවී තිබේ.

මේ අතර කොවිඩ් 19 වෛරසය ආසාදනයවූ බවට සැක කෙරෙන රෝගීන් 37දෙනෙක් රෝහලකින් පලායාමේ පුවතක් ඇෆ්ගනිස්තානයෙන් වාර්තා විය.

ඥාතීන්ගේ සහාය ඇතිව මේ පිරිස රෝහලේ සේවකයන්ට පහරදී පලාගොස් ඇති අතර ඔවුන් සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

ලොව පුරා සියලු රටවල්  සිය දේශසීමා වසා දැමීම හෝ සීමා කිරීම නිසා ගුවන් සමාගම් බොහෝමයක් සිය ගමන්වාර අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *