Press "Enter" to skip to content

කොරෝනා නිසා ලෝකයම අනාරක්ෂිතයි

චීනයෙන් පිටත රටවල් 70 කට ආසන්න සංඛ්‍යාවකින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූවන් සංඛ්‍යාව දසදහස ඉක්මවා ඇති බව වාර්තා වේ. 

මේ වන විට ආසාදිතයින් දසදහස් පන්සියයක සංඛ්‍යාවක් එම රටවල්වලින් වාර්තා වී ඇති අතර දකුණු කොරියාවෙන් ආසාදිතයින් 4812 දෙනෙකු, ඉතාලියෙන් ආසාදිතයින් 2036 දෙනෙකු සහ ඉරානයෙන් ආසාදිතයින් 1501 දෙනෙකු හදුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

අමෙරිකාවෙන් ආසාදිතයින් 130 දෙනෙකු හදුනාගෙන ඇති අතර මරණ 6ක් සිදුව ඇති බව එරට බලධාරීන් සදහන් කර තිබේ. 

කොරෝනා වෛරසයෙන් එරට ප්‍රාන්ත 11 කට බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ. 

මේ අතර නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට මුළු ලෝකයම අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *