Press "Enter" to skip to content

ග්වාතමාලාවේ හිටපු බන්ධනාගාර ප‍්‍රධානියා නව ජනාධිපති ලෙස පත්වෙයි

ග්වාතමාලාවේ නව ජනාධිපතිවරයා ලෙස ඇලෙරෙන්ඩ්‍රෝ ගියා මෙට්ටි පත්ව සිටී.

 ඔහු එරට හිටපු බන්ධනාගාර ප‍්‍රධානියාය.

 ඔහුගේ කොන්සර්වටිව් පක්‍ෂය සියයට පනස් නවයක ඡුන්ද ප‍්‍රතිශතයක් ලබා ජනාධිපතිවරණය ජයගත්තේය. ඔහුගේ ප‍්‍රතිවාදියා වූ සැන්ඩ්‍රො ටෝරස් සියයට 41 ක ඡුන්ද ප‍්‍රතිශතයක් ලබාගත්තාය. ඇය හිටපු ජනාධිපති බිරිඳයි.

 ග්වාතමාලාවේ අනාරක්‍ෂිතභාවය, විරැකියාව, දූෂණ වංචා සහ අධික ජීවන වියදම ඇලෙරෙන්ඩ්‍රෝගේ ප‍්‍රධාන සටන් පාඨ විය.

 ග්වාතමාලාව යළි ගොඩනංවන බව නව ජනාධිපතිවරයා පවසා තිබේ.

 ග්වාතමාලාවේ ජනාධිපතිවරයකු පත් කරගන්නේ සිවු වසරක කාලයකට වන අතර එක් අවස්ථාවකදී පමණක් එම තනතුර දැරිය හැකිවේ.

 නව ජනාධිපතිවරයා 2020 ජනවාරි මාසයේ තනතුරේ වැඩ භාරගැනීමට නියමිතය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *