Press "Enter" to skip to content

බුද්ධි අංශ නිලධාරීන් 29කට මරණ දඬුවම

ගුරුවරයෙකු හට වද හිංසා පමුණුවා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි බුද්ධි අංශ නිලධාරින් 29 දෙනෙකුට සුඩාන රජය විසින් මරණ දඞුවම නියම කර තිබේ.

එරට අධිකරණය විසින් අදාළ නිලධාරීන් හට මෙම නියෝගය ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අහමඩ් අල් කයිර් නමැති 36 හැවිරිදි අදාළ ගුරුවරයා එරට හිටපු ජනාධිපති ඕමාල් අල් බෂීර්ගේ පාලනයට එරෙහිව පැවති විරෝධතා  අතර තුර පසුගිය පෙබරවාරි මාසයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදි එම ගුරුවරයා නැගෙනහිර කස්සාල ප්‍රදේශයේ රැදවුම් මධ්‍යස්ථානයක් තුළ රඳවා වද හිංසා පමුණුවා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.

ඒ අනුව එම චෝදනාවන්ට වරදකරු වූ බුද්ධි අංශ නිලධාරීන් එරට අධිකරණයක් විසින් මෙලෙස මරණ දඞුවම නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් අධිකරණය විසින් ලබාදුන් නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව ද විත්තියේ නීතීඥයින් විසින් ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *