Press "Enter" to skip to content

සරණාගත කඳවුරක් ඉවත් කරයි

දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් අගනුවර ඉදිකර තිබූ සරණාගත කඳවුරක් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

ඒ අදාළ කඳවුර ඉවත් කරන ලෙස ලබාදුන් අධිකරණ නියෝගයකට අනුවයි.

දකණු අප්‍රිකාවේ කේප්ටවුන් අගනුවර ඓතිහාසික දේවස්ථානයක් අබියස ඉදිකර තිබූ සරණාගත කඳවුරක් අධිකරණ නියෝගයකට අනුව එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.

එහි රැඳී සිටි සරණාගතයන් විසුරුවාහැරීමටත් එරට පොලීසිය පියවර ගෙන තිබුණි.

ළමුන් ඇතුළු බොහෝ පිරිසක් එම සරණාගත කඳවුරේ වාසය කළ බව විදෙස් වාර්තාවල දැක්වෙයි.

සංචාරකයන් අතර අතිශය ජනප්‍රිය කතෝලික දේවස්ථානයක පිටත ප්‍රදේශයේ මෙම කඳවුර පිහිටා තිබුණි.

අප්‍රිකානු මහද්වීපය පුරා රටවලින් පැමිණි සරණාගත පිරිස් එහි වාසය කළ බවත් සඳහන්.

මෙහිදී ඇතැම් පුද්ගලයන් කඳවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය සහ දැඩි ශෝකය පල කර සිටියේය.

මේ අතර පසුගිය සැප්තැම්බරයේ රට තුළ සිදුවූ මාරාන්තික කැරලි හා ගැටුම්වලින් අනතුරුව සරණාගතයන් යළි ඔවුන්ගේ මව් රටවලට යැවීමට හෝ වෙනත් ස්ථානවලට මාරු කර යැවීමට සිදුව ඇති බව එරට වාර්තා සඳහන් කරයි.

එම සිදුවීමෙන් අනතුරුව බොහෝ විදේශිකයන් දකුණු අප්‍රිකාවේ රැදී සිටීමට බිය පල කරන බවද එරට වාර්තා වල වැඩිදුරටත් සඳහන්.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *