Press "Enter" to skip to content

දරුවා සමඟ IDH රෝහලෙන් පැන ගිය කාන්තාව සොයා ගනී

කොළඹ අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉන් පළාගිය කොවිඩ් ආසාදිත කාන්තාව ඇහැළියගොඩ සිඳුරංගල කැලෑබඳ ප්‍රදේශයක සිටියදී ගම්වාසීන් විසින් සොයා ගත් බව අප වාර්තාකරු පවසයි.

 

එය පොලීසිය විසින්ද තහවුරු කළේය.

කොළඹ අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇහැළියගොඩ පදිංචි මෙම කාන්තාව, එම රෝහලේම සිටි වයස අවුරුදු දෙකක් පමණ වන සිය දරුවාද සමග පෙරේදා (19) රාත්‍රියේ රෝහලෙන් පළාගොස් තිබුණි.

 

පසුව ඊයේ (20) ඇයගේ දරුවා සොයා ගැණුනේ ඇයගේ ඥාතීන් සමග සිටියදීය.

 

වයස අවුරුදු 25 ක් වන අදාළ කාන්තාව අතුරුදන්ව සිටීම හේතුවෙන් ඇයගේ ඡායාරූපයක් පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කළේය.

 

 

 

 

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *