Press "Enter" to skip to content

අමෙරිකාවේ කොරෝනා මරණ 414 දක්වා ඉහළට

වෛරසයෙන් අමෙරිකාවේ සිදුවූ මරණ සංඛ්‍යාව 414 දක්වා ඉහළ ගොස් ඇති අතර හඳුනාගෙන ඇති මුළු ආසාදිතයන් ගණන තිස් තුන්දහස් හාරසීයකට අධිකයි.

මේ අතර කෙන්ටකී ප්‍රාන්තයෙන් සෙනෙට් සභාව නියෝජනය කරන රෑන්ඩ් පෝල් වෛරසයට ගොදුරුවූ පළමු සෙනෙට් සභිකයා බවට පත්ව තිබේ

වෛරසයෙන් නිව්යෝක් ප්‍රාන්තයට දරුණු බලපෑම් එල්ල වෙමින් ඇති අතර ඉදිරිද දින 10 තුලදී දැඩි ඖෂධ හිගයකට මුහුණ පෑමට සිදුවනු ඇති බවයි ප්‍රාන්ත බලධාරීන් පවසයි.

කොරෝනා මරණ ලැයිස්තුවේ ඉරානය සිව්වන ස්ථානයේ පසුවෙයි.

එරටින් වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 1680 ඉක්මවද්දී ආසාදිතයන් විසි එක්දහස් හයසීයක් හඳුනාගෙන තිබේ.

මැදපෙරදිග කලාපයත් වෛරසයේ දැඩි බලපෑමට ගොදුරු වෙමින් ඇති පසුබිමක මාර්තු 28 වන දා තෙක් රට වසාදැමීමට ඉරාකය පියවර ගෙන ඇති අතර දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස පලස්තීනය සිය රටවැසියන්ගෙන් ඉල්ලා තිබේ.

ඕමානයට ජනතා ඒකරාශී වීම් සීමා කර ඇති අතර මුදල් හුවමාරු සේවාවන්ද තාවකාලිකව අත්හිටුවා ඇති බව සඳහන්ය.

කෙසේ නමුත් වෛරසය මුල් වරට ව්‍යාප්තවීම ආරම්භවූ චීනය මේ වන විට තත්ත්වය පාලනය කිරීමට සමත් වී සිටියි.

ඊයේ දිනයේ විදේශයන්හි සිට එරටට පැමිණි 39 දෙනෙකු නව ආසාදිතයන් ලෙස හඳුනා ගැණුනු අතර සිදුව ඇති මරණ ගණන 9කි.

ඊයේ දිනයේත් ආසාදිතයින් 459 දෙනකු එරට රෝහල්වලින් සුවය ලබා පිටව ගොස් තිබුණි.

ඒ අනුව චීනයේ සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 72,703කි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *