Press "Enter" to skip to content

අපිටත් ජනාධිපති සමාව දෙන්න : මරණ දඬුවම නියමවූ සිරකරුවන් දෙදෙනෙක් වැලිකඩ වහලය මතට නගී


වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී සිරකරුවන් දෙදෙනෙකු මේ වන විට විරෝධතාවක නිරතව සිටිනවා. රෝයල් පාර්ක් මිනිමැරුම් සිද්ධියේ චුදිතයාට ජනාධිපති සමාව ලබා දුන්නේ නම් ඊට පෙර තමන්ටද සමාව හිමිවිය යුතු බව පවසමින් මෙම සිරකරුවන් දෙදෙනා සිය විරෝධතාවය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ්‍ය නිලධාරියෙකු පැවසුවේ මරණීය දණ්ඩනය හිමිවූ සිරකරුවන් දෙදෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ H සිර මැදිරි සංකීර්ණය පිහිටි ගොඩනැගිල්ලේ වහලය මත නැගී එලෙස විරෝධතාවක නිරත වන බවයි.

මරණ දඬුවමට ලක්ව සිටින පුද්ගලයින් පැයක කාලයක් සඳහා ඔවුන් සිටින සිරමැදිරි වලින් පිටතට ගැනීමෙන් පසු මෙලෙස වහලමතට නැග ඇති බවයි බන්ධනාගාර නිලධාරීන් පැවසුවේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *