Press "Enter" to skip to content

අමෙරිකානු ජාතිකයෙකු මැගසිනයක් සහ ජීව උණ්ඩ සමග කටුනායක දී අත්අඩංගුවට

අමෙරිකාව බලා යාමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අමෙරිකානු ජාතිකයෙකු ලඟ තිබී පිස්තෝල වර්ගයේ ගිනි අවියක මැගසීනයක් සහ උණ්ඩ 09ක් සොයාගෙන තිබෙනවා.

මෙම විදේශිකයා ඊ.කෝ 659 දරණ ගුවන් යානයෙන් අමෙරිකාව බලා යාමට කටුනායකට පැමිණ ඇත්තේ ඊයේ (28) රාත්‍රි 8යි 20ට පමණ බවයි වාර්තා වෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු ගුවන් තොටුපල පොලිසිය වෙත භාර දී ඇති අතර ගුවන් තොටුපල පොලිස් ස්ථානයේ අපරාධ අංශය මගින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *