Press "Enter" to skip to content

ඝානතයකට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට

ඇහැළියගොඩ තලාවිටිය ප්‍රදේශයේ සිදුවු ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින්සිදුකළ විමර්ශනයකට අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේය. 

පසුගිය මස පළමුවදින ඇහැළියගොඩ තලාවිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු  තියුණු ආයුධකයින් පහරදී ඝාතනය කර තිබුණි. 

එම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාට අමතරව ඔවුන් සමඟ සම්බන්ධ වී දේපළ සොරකම් කිරීමට සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *