Press "Enter" to skip to content

පාර්ලිමේන්තු මන්ත්‍රී කාර්ය මණ්ඩලවලට වැඩි වූ 2500 නෑ

රජයේ සේවකයන් සඳහා ආණ්ඩුව දුන් රුපියල් 2500ක වැටුප් වැඩි කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට ලබාදීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මෙතෙක් කටයුතු කර නොමැත.

පසුගිය ජූලි 01 වැනිදා සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපට රුපියල් 2500ක දීමනාවක් දීමට තීරණය කෙරුණේ පසුගිය අයවැයෙන් කළ යෝජනාවක් අනුවය. රජයේ සේවකයන් සියලු දෙනාට මෙම දීමනාව පසුගිය ජූලි 01 වෙනිදා සිට ලබාදී ඇතත් පාර්ලිමේන්තු මන්ත්‍රී කාර්ය මණ්ඩලයට එය දී නැත.

අනුව නිලධාරීන් 1225කට ආසන්න පිරිසකට මෙම දීමනාව මෙතෙක් ලැබී නොමැත. මීට පෙර රජයේ සේවකයන්ට දුන් සියලු දීමනා මෙම අයටද දී ඇතත් මෙතෙක් නව දීමනාව ලබා නොදීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී කාර්ය මණ්ඩල නිලධාරීහු දැඩි කනස්සල්ල පළ කළහ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *