Press "Enter" to skip to content

මන්ත්‍රී අලි සබ්‍රිට ලක්ෂ 75 දඩ, බඩුත් රාජසන්තකයි

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රත්‍රං සහ ස්මාට් දුරකථන සමග රේගු භාරයට ගෙන සිටි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාට රුපියල් මිලියන 7.5ක දඩයක් නියම කර මුදාහැර තිබේ.

 

රේගු මාධ්‍ය ඒකකය සඳහන් කළේ, අදාළ භාණ්ඩ තොගය රාජසන්තක කිරීමට නියෝග කළ බවය.

 

අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා විසින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එනු ලැබූ රත්‍රන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 74ක බවට ගණන් බලා තිබේ.

 

ශ්‍රී ලංකා රේගුව පවසන්නේ ඔහු විසින් ජංගම දුරකථන 91ක්ද රැගෙන විත් ඇති අතර එම දුරකථනවල වටිනාකම රුපියල් මිලියන 4.2ක් බවය.

 

ඒ අනුව අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා විසින් මෙරටට නීතිවිරෝධී රැගෙන විත් ඇති භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් මිලියන් 78.2ක් බව සඳහන්ය.

 

ඩුබායි රාජ්‍ය යේ සිට ෆ්ලයි ඩුබායි ගුවන්සේවයට අයත් ගුවන් යානයකින් ඊයේ (23) පෙරවරුවේ මෙරටට පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් අදාල මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබීය.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *