Press "Enter" to skip to content

ලෝකයේ හොදම වතුර ටිකට වැඩේ දෙන්න හදන ජල කළමනාකරණ පනත – ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)

වසර ගණනාවක සිට උත්සාහ දරමින් සිටි මේ රටේ සම්පත්, ලෝක ඒකාධිකාරී මහාපරිමාණ ජාවාරම්කරුවන්ට විකුණා දැමීමේ සැලසුම් වර්තමාන ආණ්ඩුව මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක කරමින් සිටින බවත්, මෙරට ජනමාධ්‍ය මෙම කටයුතු වැළැක්වීමට හා මේ පිළිබඳව රට තුළ සාකච්ඡාවක් ඇති කිරීමට කටයුතු කළ යුතු බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

 

වසර 30ක් තිස්සේ කරගැනීමට නොහැකි වූ මෙම ක්‍රියාවලිය වර්තමානයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිදුකරමින් සිටින බවද, 2001 වසරේ දී ඔහු බලයට පත්වී ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ ‘යළි පුබුදමු ශ්‍රී ලංකා’ වැඩපිළිවෙල නැවත වරක් ක්‍රියාත්මක කරමින් සිටින බවද තිරාණගම මහතා චෝදනා නගයි.

 

ඒ මහතා මේ බව පැවසුවේ ජාතික සංවිධාන එකමුතුව මගින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

 

‘යළි පුබුදමු ශ්‍රී ලංකා’ වැඩපිළිවෙල නිර්මාණය කළේ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බව පෙන්වා දෙන ඒ මහතා, මෙම ජාත්‍යන්තර බලවේගවල අරමුණ රටේ සංවර්ධනය හා සම්පත් පෞද්ගලික ආයෝජකයන් අතට පත්කිරීම බවද පෙන්වා දෙන ලදී.

 

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න… 

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *