Press "Enter" to skip to content

විදුලි කප්පාදුව ගැන අලුත්ම නිවේදනය

අද (11) දිනයේ කිසිදු ප්‍රදේශයක විදුලි විසන්ධි කිරීමක් සිදුනොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

 

කෙසේ වෙතත් ඉදිරියේදී අවශ්‍යතාවයක් ඇති වුවහොත් විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා වන කාලසටහනක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඊයේ (10) ප‍්‍රසිද්ධ කර තිබුණි.

 

ඒ අනුව ඒ,බී,සී,ඩී වශයෙන් දිවයිනේ ප්‍රදේශ කලාප හතරකට බෙදා තිබෙන අතර පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා අතර කාලය තුළ පැයක් බැගින් එම ප්‍රදේශවල අවශ්‍ය වුවහොත් විදුලිය කප්පාදු කිරීමට නියමිතය.

 

සඳුදා සිට සෙනසුරාදා දක්වා මෙම කප්පාදුව සිදුකිරීමට සූදානම් වන නමුත් ඉරිදා දිනය එම කාලසටහනට ඇතුළත්කර නැත.

 

විදුලි ඉල්ලුම කළමණාකරණය සඳහා පියවර ගැනීමට අවශ්‍ය වුවහොත් මෙම කප්පාදුව ක‍්‍රියාත්මක කරන බවද එම නිවේදනයේ සඳහන් වේ.

 

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න කුඹියෝ නිව්ස් Whatsapp Group සමගින් සම්බන්ධ වන්න –  මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *