Press "Enter" to skip to content

ජනාධිපති අපේක්ෂකයා දින හතක් ඇතුළත නම් කරන ලෙස ඉල්ලූ ලිපිය අද සවස රනිල්ට

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා දින හතක් ඇතුළත් නම්කරන ලෙසත් ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම කැඳවන් ලෙසටත් මන්ත්‍රීවරුන් පනස් දෙදෙනෙකු ගේ අත්සනින් යුත් ලිපිය අද සවස නායකත්ජ්‍වයට බාර දෙන බව අමාත්‍ය නලින් බණ්ඩාර මහතා කූඹියෝ නිව්ස් වෙත පැවසුවේ ය.

මේ අනුව අද සවස එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් සහ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් විසින් මෙම ලිපිය අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා වෙත බාරදීමට නියමිත බව ද නලීන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 82 කි. ඉන් පනස් දෙදෙනෙකු මෙම ලිපියට අත්සන් කර ඇත. එවිට ජනාධිපති අපේක්ෂකයා තේරීම සඳහා රහස් ඡන්දයක් ඉල්ලා සිටියොත් එය ඉල්ලීම වැඩි ඡන්දයෙන් සම්මත වීමේ ඉඩකඩක් ද පවතී.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *