Press "Enter" to skip to content

නව ව්‍යවස්ථාවක් සම්මත කර ජනතාව රජකරවනවා – අගමැති

කැමැත්තෙන් අපායට යා යුතු නොවන හෙයින් නැවතත් රාජපක්ෂ යුගයට යා යුතු නොවන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේ කොළඹ නව නගර ශාලාවේදී අද  (09දා) පැවති සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති සමුළුව අමතමිනි.

වත්මන් ආණ්ඩුව සුළුතර ලෙස පත්වුවද බහුතර ආණ්ඩුවක් අභිබවූ වැඩ කොටසක් ඉටු කර රටේ ස්වාධීනත්වය ආරක්ෂා කළ  බවත් ඒ අනුව නව ව්‍යවස්ථාව අනුමත කර ගනිමින් ජනතාව රජ කරවන බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කර සිටියේය.

මෙම අවස්ථාවට ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාද එක්වූ අතර එහිදී ඔහු සඳහන් කර සිටියේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගෙළ  සිඳලනු වෙනුවට මානව ශක්තිය බල ගැන්වීම උදෙසා   පසුතලය පුළුල් කිරීමට තමන් තවදුරටත් අපේක්ෂා කරන බවයි.

මෙහිදී සිවිල් සමාජ ප්‍රතිපත්ති ප්‍රකාශනය එහි සාමාජිකයින්  විසින් අග්‍රාමාත්‍යවරයා හා සජිත් ප්‍රේමදාස මහතා වෙත පිරිනැමීම සිදු කළ  අතර එහිදී එහි නියෝජිත සමන් රත්නප්‍රිය මහතා සඳහන් කර සිටියේ රටේ ඉදිරි ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාස මහතා විය යුතු අතර අගමැතිවරයා  ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යෙන් පත්විය යුතු බවයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *