Press "Enter" to skip to content

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට හූ කිව්වොත් පොහොට්ටුවෙන් ම ගුටි

ජනාධිපතිවරණ ඡන්ද රැස්වීම්වල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනඥයින්ට හූ කියමින් අපහාස කිරීමට යම් කෙනෙක් උත්සාහ ගතහොත් එම පුද්ගලයාට හෝ පුද්ගල කණ්ඩායම් වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සඳහා එක් ඡන්දයක් වුවද ඉතා වැදගත් වන බවත් මේ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පැමිණෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඕනෑම කෙනෙකු ආදරයෙන් පිළිගත යුතු බවත් එසේ නොකොට එම පිරිස්වලට හූ කියමින් අපහාස කිරීම සිදුකළ යුත්තක් නොවන බවත් රංජිත් ද සොයිසා මහතා පෙන්වාදෙයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් තමා සංවිධාන කරනු ලබන රැස්වීම්වලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි දේශපාලනඥයින්ට හූ කියමින්අපහාස කිරීමට යම් කිසිවකු උත්සාහ කළහොත් එම පුද්ගලයාට පහර දී එම රැස්වීම් භූමියෙන් ඉවත් කර පොලීසියට භාර දීමට කටයුතු කරන බවද රංජිත් ද සොයිසා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *