Press "Enter" to skip to content

සජිත්ට ජනාධිපති අපේක්ෂක ධූරය… රනිල්ට විධායක අගමැති ධූරය.. ප්‍රශ්නය විසදීමට 8 දෙනෙක් අද කොළඹදී රැස්වෙති

ඉදිරි ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති ධූර අපේක්ෂකත්වය ද රනිල් වික්‍රමසිංහ මහතාට විධායක අගමැති වශයෙන් ඉදිරිපත් කිරීමට එකඟතාවයක් ද ඇති වන ආකාරයට මෙම නායකයින් දෙදෙනාටම නව යෝජනාවලියක් භාර දීමට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ප්‍රකාශ කරයි.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂය පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 8 දෙනෙකු අද රාත්‍රී කොළඹදී හමුවීමට නියමිත බවද ඔහු පැවසීය. නායකයින් දෙදෙනා සමගි කිරීම සඳහා මෙම යෝජනාවලිය සකස් කිරීමෙන් අනතුරුව එය ඔවුන්ට භාර දී එම නායකයින් දෙදෙනා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *