Press "Enter" to skip to content

www.ceylontea.com ඩොමේන් නාමයේ අයිතිය ශ්‍රී ලංකාවට

මෙතෙක් කලක් දකුණු කොරියාවේ Lotte සමාගම් සමූහයට අයත්ව තිබුණු www.ceylontea.com අන්තර්ජාල ඩොමේන් නාමයේ නිල අයිතිය ශ්‍රී ලංකාවට පිරිනැමීම පසුගිය දා සිදුකෙරිණි. වර්තමාන ව්‍යාපාරික පරිසරය තුළ මිල කළ නොහැකි වටිනාකමකින් යුතු www.ceylontea.com ඩොමේන් නාමය මෙලෙසින් ශ්‍රී ලංකාවට හිමිවීම, ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් මෑතක දී සාක්ෂාත් කර ගනු ලැබූ ඉතා වැදගත් මංසළකුණක් වේ.

ශ්‍රී ලංකා තේ මණ්ඩලය හා දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව මෙම ඩොමේන් නාමය ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා Lotte සමාගම් සමූහය සමඟ පැවති සාර්ථක සාකච්ඡාවකින් අනතුරුව එය කිසිදු වියදමකින් තොරව ශ්‍රී ලංකාව වෙත පවරා දීමට Lotte සමාගම් සමූහය තීරණය කරන ලදී.


Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *