Press "Enter" to skip to content

ජාතියෙන් සමාව අයදින කසඩයා

2004 වසරේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පත්වීම පිළිබඳව ජාතියෙන් සමාව අයැද සිටී..

2005 වසරේ මහින්ද රාජපක්ෂ ජනාධිපති වීම සම්බන්ධයෙන් ජාතියෙන් සමාව අයැද සිටී.

2010 වසරේ මහින්ද රාජපක්ෂ ජනාධිපති වීම පිළිබඳව ජාතියෙන් සමාව අයැද සිටී..

⭕️ එත් මේ කසඩයා නම්
ජාතියෙන් සමාව අයැද සිටිය යුත්තේ එයට ද?
සංදීප් නම් තරුණයා අනතුරට පත්වීම අහඹු සිදුවීමකි. එහෙත් මේ කසඩයා අපරික්ෂාකාරි සහ පදමට මත්වී තම ජීප් රථය පදවාගෙන ඔහු විසින් ම පැමිනීම අනුමත කළ හැක්කේ කාට ද? ජීප් රථය පදවාගෙන පැමිනීමෙන් සිදුවූ අනතුර වෙනත් අයෙකු යොදවා වංචා සහගත ලෙස නීතිය නැවීම අනුමත කළ හැක්කේ කාට ද? ඔහු ඒ සම්බන්ධයෙන් ජාතියෙන් සමාව ඉල්ලා සිටියේ නැත…

⭕️ මේ කසඩයා නම් 2016 සැපප්තැම්බර් මස 9 වෙනි දා හර්ෂ තිලකසීරි හෙවත් සුකීව පැහැර ගන්නේ සුකීගේ බිරිඳ කෙරෙහි දැක්වූ ආශාවක් නිසාය. සුකීව පැහැරගෙන ගොස් අංගොඩ රෝහලේදී 6 වතාවක් කරන්ට් ඇල්ලුවේය. ඒ සඳහා එවකට සොඛ්‍ය අමාත්‍ය රාජිතගේ ලේකම්ව සිටි උපුල් විසින් අංගොඩ රෝහල් අධ්‍යක්ෂක වෙත දන්වා සිටියේ සුකි පිස්සෙක් ලෙසත් ඔහුට අවශ්‍ය ප්‍රථිකාර කරන ලෙසත්ය. මෙය මේ කසඩයගේ සැලැස්මක්ය. එහෙත් මේ කසඩයා ඒ කළ අපරාධය වෙනුවෙන් ජාතියෙන් සමාව අයැද සිටියේ නැත…

⭕️ ලක්ෂ 18000 ක් (මිලියන 1800) තමන්ගේ සාක්කුවට දමා ගනිමින් ගල් අඟුරු වංචාවේ මහ මොළකරු වූ මේ කසඩයා ය. ඒ වංචාව සම්බන්ධයෙන් මව්බිම පත්තරේ පළවූ පුවතකට හා 2016 වසරේ දෙසැම්බර් මස 30 වැනි දින “මව්බිම” දිනපතා පුවත්පතේ 18 වැනි පිටුවේ පළ කරන ලද “යහපාලන සහකරුවෝ ” තම පෞද්ගලික ජීවිතයේ රහස් කරුණු හෙළිකරමින් ලිපියක් වෙබ් අඩවියක පළකළ නිසා එක්නැලිගොඩ මාධ්‍යවේදියා ඝාතනය කළ මෑතකදී ගල්ලෙන බිඳින ලද යහපාලකයා කවුද?” යන්න පුවත් 2කට විරුද්ධව ඔහු විසින් මව්බිම පත්තරෙන් කෝටි 150 ක් ඉල්ලා නඩුවක් දැමුවේය. එම නඩුව මේ කසඩයා විසින් ම නැවත ඉල්ලා අස්කර ගත්තේ නඩුව දුරදිග ගියේනම් කැරැට්ටුව රට ම දැන ගන්නා නිසාය.. එහෙත් මේ කසඩයා ඒ කළ දූෂණයන් සහ අපරාධයන් වෙනුවෙන් ජාතියෙන් සමාව අයැද සිටියේ නැත..

මේ කසඩයා කියනා විදියට ජාතියෙන් සමාව ගත් ඉහත කාරනා ඔහු විසින් කළ දේශපාලන වැරදිය. ඒ අනුව කසඩ චම්පික නම් විකෘතිකයාට ප්‍රභාකරන් මරා දැමීම සම්බන්ධයෙන් දැන් ඇත්තේ ජාතියෙන් සමාව අයැදීමය. ඔහු මේ නොකියා කියා ඇත්තේ ද මහින්ද රාජපක්ෂ බලයට ගෙනැවිත් කළ වැරැද්දේ පාපොච්චාරණයක් ය.

සසු…

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *