Press "Enter" to skip to content

අමෙරිකානු-ඊශ්‍රායල වැසියන්ට වීසා සහනයක්

අමෙරිකාව හා ඊශ්‍රායලය සමගින් සමීප සබදතා ඇති කරගැනීමට බොලිවියාව කටයුතු කරමින් සිටියි.

ඒ වෙනුවෙන් ගත් තවත් පියවරක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

අමෙරිකානු හා ඊශ්‍රායල පුරවැසියන් වෙත වීසා රහිතව රට තුළට පැමිණීමට ලබාදී තිබූ කාල සීමාව දීර්ඝ කිරීමට බොලිවියාව තීරණය කර ඇත.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් බොලිවියානු අන්තර්වාර රජයේ ජනාධිපතිනී ජෙනයීන් ඇනෙස් මේ බව සඳහන් කළේය.

අමෙරිකානු පුරවැසියන්ට බොලිවියාව වෙත වීසා රහිතව පිවිසීම සදහා මෙම නීතිය පළමුවරට හදුන්වාදුන්නේ මීට දොළොස් වසරකට පෙරයි.

එම පහසුකම තවත් වසර කිහිපයකින් පසුව ඊශ්‍රායලය වෙත ලබා දුන්නේය.

හිටපු ජනාධිපති වාමාංශික නායක එවො මොරාලෙස් මෙම තීරණය සාධාරණීකරණය කරමින් සදහන් කළේ රටේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බවයි.

මේ අතර වත්මන් ජනාධිපතිනී ඇනෙස්ද අමෙරිකාව හා ඊශ්‍රායලය සමගින් යහපත් රාජතාන්ත්‍රික සබදතාවක් පවත්වාගැනීමට වැඩි අවධානයක් යොමුකර ඇත.

අමෙරිකානු එක්සත් ජනපදය සදහා වන අති විශේෂ තානාපතිවරයෙක් තාවකාලිකව පත්කිරීමටත් ඇනෙස්ගේ රජය පසුගියදා කටයුතු කළේය.

එවන් විශේෂ තානාපතිවරයෙක් පත්කෙරුණේ 2008 වසරෙන් පසුව පළමුවරට වීම මෙහි ඇති සුවිශේෂී කරුණයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *