Press "Enter" to skip to content

කාන්තාවන් ඉන්දියානු රජයට පිටුපායි

ලෝකය වෙලාගත් සෞඛ්‍ය අවදානම, නොසලකමින් ඉන්දියාවේ පැවැති තවත් උත්සවයක් පිළිබදව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගන්ගාවූර් සාම්ප්‍රදායික සැණකෙළිය වාර්ෂිකව රාජස්ථාන් හි පැවැත් වෙයි.

හින්දු බැතිමතුන් එක්වන මේ උත්සවයේ මූලිකත්වය හිමිවන්නේ හින්දු කාන්තාවන් වෙතයි.

පැතිරයන නව කොරෝනා වෛරසය හේතුවෙන් ඒකරාශීවීම් හැකිතාක් මඟ හරින ලෙස රජය කරඇති ඉල්ලීම් පවා නොසලකමින් මෙවරත් වාර්ෂික ගන්ගාවූර් සැණකෙලිය පැවැත් විය.

උත්සවය සඳහා එක්වූ කාන්තාවන් ගායන නර්තන සහ රංගන ඉදිරිපත් කළේය.

ඉතාමත් වර්ණවත් සාරි වලින් සැරසී පැමිණි මේ පිරිස හින්දු භක්තිකයන්ගේ වන්දනීය දේවතාවන් වන ශිව සහ පාර්වතී දේවතාවන් වෙනුවෙන් පුදසත්කාර කරනු දක්නට ලැබුණි.

මෙම සැණකෙලිය සැලකෙන්නේ ඉන්දීය කාන්තාවන් වසන්තය පිළිගන්නා උත්සවය ලෙසයි.

එහිදී සිය පවුල සහ දරුවන්ගේ සුබ අනාගතයක් වෙනුවෙන් ප්‍රාර්ථනා එක්කරනු ලබයි.

ගන්ගාවූර් සැණකෙලිය දින 16ක් පුරාවට පැවැත්වෙනු ඇති.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *