Press "Enter" to skip to content

සමාව ලබා දිය නොහැකි වරදක්

පුද්ගලයින් 176 දෙනෙකුට මරු කැදවු යු‍ක්‍රේන මගී ගුවන්යානයට ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරය සමාව ලබා දිය නොහැකි වරදක් බව ඉරාන ජනාධිපතිහසන් රොහානි පවසයි. 

ඉරාන ප්‍රහාරයකින් යු‍ක්‍රේන ගුවන් යානයක් අනතුරට ලක්වීම සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් පල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

මේ සම්බන්ධයෙන් සිදුකළ අභ්‍යන්තර පරීක්ෂණයකදී එම මිසයිල ප්‍රහාරය අත්වැරදීමක් හේතුවෙන් සිදුවූ බව අනාවරණය වී ඇති බැවින් ඊට අදාල විමර්ශන අඛණ්ඩව පවත්වාගෙන යන බව ඉරාන ජනාධිපති හසන් රොහානි වැඩිදුරටත් සිය ට්විටර් පණිවුඩයෙන් සදහන් කර තිබේ. 

මේ අතර ප්‍රභූ විප්ලවවාදී ආරක්ෂකයින්ට අයත් සංවේදී හමුදා කලාපයක් ආසන්නව පියාසර කරමින් තිබියදි සතුරු යානයක් බව වරදවා වටහා ගැනීමෙන් මිසයිල ප්‍රහාරය එල්ල කළ බව ඉරාන හමුදාව පවසයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *