Press "Enter" to skip to content

එජාපයේ දිනන අපේක්ෂකයා සොයන්න කමිටුවක්

එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද එසේ නැතිනම් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාද යන්න සමාජ විශ්ලේෂන වාර්තා ඇසුරෙන් සොයා බැලීමට කමිටුවක් පත්කර ඇත. ‍

මෙහි රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය වෙනුවෙන් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ අගමැති උපදේශක දිනේෂ් වීරක්කොඩි මහතා පත්කර ඇති අතර සජිත් පාර්ශ්වය වෙනුවෙන් අමාත්‍ය කබීර් හසීම් මහතා සහ මලික් සමරවික්‍රම මහතා පත්කොට ඇත. ‍‍

මෙම කමිටුවේ කාර්යභාරය වන්නේ පසුගිය 10 වැනිදා රනිල් සජිත් පාර්ශ්ව දෙක අතර පැවති සාකච්ඡාවලදී ඉදිරිපත් වූ සමාජ විශ්ලේෂන වාර්තා නිරික්ෂණය කොට රනිල් සජිත් අතර පැවැත්වෙන මීලග සාකච්ඡාවට කමිටුවේ වාර්තාව ඉදිරිපත් කිරීමය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *