Press "Enter" to skip to content

පාර්ලිමේන්තු මහජන ගැලරිය තාවකාලිකව වැසෙයි

නැවත දැනුම්දෙන තුරු පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කිරීම අත්හිටුවා තිබේ.

නිවේදනයක් නිකුත් කමින් පාර්ලිමේන්තු සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ශාන් විජේතුංග මහතා මේ බව සඳහන් කර ඇත.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශවල මාර්ගෝපදේශවලට යටත්ව, මෙම තීරණය ගෙන ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රන්නාදු මහතා පවසයි.

පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කෙරෙන දිනය, සෞඛ්‍ය අංශවල උපදෙස් මත ඉදිරියේ දී දැනුම්දීමට නියමිතය.
තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *