Press "Enter" to skip to content

විවාදයට මාලිමාව දුන්න දවස් හතරටම දුරකථනය එකඟ නෑ

ජාතික ජන බලවේගය විසින් අනුර – සජිත් විවාදය සඳහා දින නියම කරමින් සමගි ජන බලවේග මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

 

එහි දැක්වෙන්නේ ලබන මැයි මස 07, 09, 13 හෝ 14 යන දිනවලින් එක් දිනයක විවාදය පැවැත්විය හැකි බවයි.

 

කෙසේ නමුත් මීට පිළිතුරු ලබාදෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සඳහන් කළේ ජාතික ජන බලවේගය ලිපිය මගින් දන්වා ඇති දින හතරටම එකඟ විය නොහැකි බවයි.

 

එම දින හතර තුළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කලින් යොදාගෙන තිබෙන සමුළු, සක්වළ වැඩසටහන් වැනි දේශපාලන වැඩකටයුතු හේතුවෙන් අදාළ දින හතර තුළ විවාදයට එකඟ විය නොහැකි බවත් මන්ත්‍රීවරයා පැවසුවා.

 

අනුර – සජිත් විවාදය පවත්වන දිනය ඒක පාර්ශිකව තීරණය කළ නොහැකි බවත් දෙපාර්ශවයම එකට සාකච්ඡා කර දිනයක් යොදාගත යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *