Press "Enter" to skip to content

17 වෙනිදා පැරදුණොත් රාජපක්ෂවරු යන්නේ රජ ගෙදර නෙවේ හිර ගෙදර – රාජිත සේනාරත්න

ජනාධිපති මැතිවරණය පරාජය වුවහොත් රාජපක්ෂ පවුලට සිර ගෙදර යාමට සිදු වන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඊයේ ගාලු මුවදොර පැවති ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල රැළියේ දී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ පැවසීය.

“එදා උසාවියේ නඩු තීන්දුව එන දවසේ හවස 4ට ගිහින් චමල් රාජපක්ෂ නාම යෝජනා දෙනවා. රාජපක්ෂලා ඇරෙන්න එකෙක්වත් නැද්ද? ඒක නැත්නම් බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, තව තියෙනවා වැලක්..

ඔක්කොම ගියාට පස්සේ ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, වාසුදේව සහෝදරයා. 17 වෙනිදා පැරදුණොත් මුන්ගේ නඩු වලින් මුන් යන්නේ රජ ගෙදර නෙවේ හිරගෙදර

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *