Press "Enter" to skip to content

කාදිනල්තුමාගේ චෝදනා කිසිසේත්ම පිළිගන්න බැහැ – ගෝඨාභය කාදිනල් හිමියන්ට ලියයි

පාස්කු ප්‍රහාරය ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් විසින් සිදුකරන ලද්දක් බවත්, මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් මේ සම්බන්ධයෙන් තමන්ට  එල්ලකර ඇති චෝදනා කිසිසේත්ම පිළිගත නොහැකි බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් පවසයි.

 

පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ගියහොත් තමන්ට සහාය වූ පුද්ගලයන් අත්අංගුවට ගැනීම හා එම සංවිධාන තහනම් කිරීමට සිදුවන බවට තමා උන්වහන්සේ සමග පැවසූ බවට කාදිනල් කිහියන් කළ ප්‍රකාශය අසත්‍යයක් බවත්, ජනාධිපතිවරණයේ දී මුස්ලිම් ප්‍රජාව තමන්ට ඡන්දය නොදුන් බව හා අන්තවාදී ඉස්ලාම් සංවිධාන තුළ තමන්ට හිතවත් කිසිවෙකු නොමැති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා එම නිවේදනයේ දක්වා තිබේ.

 

මෙම ප්‍රහාරයට වගකිව යුතු අනතවාදීන්  නොසලකා හරිමින් කාදිනල් හිමියන් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට චෝදනා කරන ආකාරයක් නිරීක්ෂණය වන බවද ඒ මහතා මෙමගින් පවසයි.

 

මාධ්‍ය නිවේදනය පහළින්…

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *