Press "Enter" to skip to content

සජිත් වැනි කවටයෙක් සමග සංවාදයකට යෑමට ගෝඨාභයට සුදුසු නැහැ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා රූපවාහිනී සංවාදයකට එන ලෙසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග කර තිබුණ ද සජිත් ප්‍රේමදාස මහතා වැනි කවටයෙකු සමග සංවාදයකට යෑමට ගෝඨාභය රාජපක්ෂ මහතාට සුදුසු නොවන බව ඒකාබද්ධ විපක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා කූඹියෝ නිවුස් වෙත ප්‍රකාශ කළේය.

සජිත් ප්‍රේමදාස මහතා රැස්වීම්වලදී සිදුකරනු ලබන ප්‍රකාශ නිසා මේ වන විට ඔවුහු කවට අන්දරේටත් වඩා විකටයෙක් බවට පත්වී සිටින බවත් එක් පැත්තකින් මිස්ට බින් ටත්වඩා විකට ජවනිකා ඔහු ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සේමසිංහ මහතා පෙන්වාදෙයි.

ඇන්ජින් එක ඩයිනමෝ එක ගැන කියමින් රෑට රෑට ගෙවල්වලට එන බව කියමින් මිනිසුන්ගේ දෙපා මුල වැඳ වැටෙනවා බව කියමින් කිසිදු තර්කයක් නොමැතිව ආවට ගියාට සිදුකරන ප්‍රකාශ හේතුවෙන් අද හොඳම විකට ජනාධිපති අපේක්ෂක වී තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා බවද පාර්ලිමේන්තු මන්ත්‍රි සේමසිංහ මහතා පෙන්වා දෙයි. ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිවෙකුටත් මඩ ගසන්නේ නොමැතිව රටට විහිළු සපයන්නේ නොමැතිව රට ගොඩනංවන හැටි ප්‍රතිපත්තිමය කරුණු ඇසුරෙන් රටට ඉදිරිපත් කරන බවත් ප්‍රෙයා්ගිකව වැඩ කළ පෙන්නු නායකයෙකු බවත් එම නිසා සජිත් ප්‍රේමදාස මහතා වැනි කවටයෙකු සමග සංවාදයකට යෑමට ගෝඨාභය රාජපක්ෂ මහතාට කිසිදු වුවමනාවක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *