Press "Enter" to skip to content

ඉන්දියාවේ බැංකු සේවකයින් දැවැන්ත විරෝධතාවක

වැඩි වැටුප් ඉල්ලා ඉන්දියාවේ පෞද්ගලික අංශයේ බැංකු සේවකයින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.

විරෝධතා මුම්බායි ඇතුලු නගර රැසක ක්‍රියාත්මක වූ බව විදෙස් පුවත් සදහන් කර තිබුණි.

මිලියනයකට අධික ඉන්දියානු බැංකුකරුවන් පිරිසක් එක්ව දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර ඇත.

ඒ සදහා එක්වූ සියලුදෙනා ඉන්දියාවේ ක්‍රියාත්මක පෞද්ගලික බැංකුවල සේවයේ නිරතව සිටින්නන් වීම විශේෂත්වයක්.

පිරිස විරෝධතාවේ නිරතවූයේ සිය මාසික වේතනය ඉහළ දමන ලෙස ඉල්ලමින්.

සිය වැටුප් සියයට 20කින් වැඩිකළ යුතු බව විරෝධතාකරුවන් අවධාරණය කර සිටියේය.

2017 පටන් මෙම වැටුප් වර්ධකය යෝජනාවී තිබුණත්, තවමත් එය සිදුව නොමැතිවීම අසාධාරණයක් බව විරෝධතාකරුවන් පෙන්වා දුන්නේය.

විරොධතාව හේතුවෙන් එහි පෞද්ගලික බැංකු සියල්ලම පාහේ වසාදැමීමට සිදුව තිබුණි.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ, ඉන්දියාවේ වාණිජ අගනුවර වන මුම්බායි හි පෞද්ගලික බැංකු පවා මෙසේ වසාදැමීම හේතුවෙන් ජනතාවව දැඩි අපහසුතාවට පත්වූ බවයි.

කෙසේ නමුත් විරෝධතා හා වැඩවැරුම පැවැත්වීම සලකා සිය බැංකු කාර්යයන් මදක් ප්‍රමාද විය හැකි බව අදාළ බැංකු සිය පාරිභෝගිකයන් වෙත දන්වා තිබීම, මද සහනක් වූ බව ඉන්දීය වාර්තා පවසයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *