Press "Enter" to skip to content

කොරෝනා : චීනයේ මරණ 3245ක්

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භවූ චීනයෙන් ගත වූ පැය 24 තුළ වෛරසය දේශිය වශයෙන් සම්ප්‍රේෂණය වූ කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

පසුගිය (18) දිනයේ ආසාදිතයින් 34 දෙනෙකු හදුනා ගැනුණ ද ඔවුන් සියලු දෙනා විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත. 

නව කොරෝනා වෛරස ව්‍යාප්තිය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වූ අතර ගත වූ කාලය තුළ එරටින් හදුනාගෙන ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 80,928ක් වේ. 

ඉන් පුද්ගලයින් 70,420 දෙනෙකුම සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර වෛරසය හේතුවෙන් චීනයේ සිදු වූ මරණ සංඛ්‍යාව 3245ක් ලෙස දැක්වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *