Press "Enter" to skip to content

ඉරාන ජනාධිපති විනාඩි 50ක් කටුනායක ගුවන් තොටුපළේ රඳවලා…

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ඊයේ උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට පැමිණ ආපසු පිටත්ව යෑමේදී ඔවුන්ගේ ගුවන් ගමන විනාඩි 50ක් පමණ කාලයක් කටුනායක ගුවන් තොටුපලෙන් ප්‍රමාද වී ඇති බව වාර්තා වේ.

 

ඊට හේතු වී ඇත්තේ ඉන්දියානු ගුවන් කලාපය භාවිතා කිරීමට ඉන්දියාවෙන් දෙනු ලබන අවසරය සහිත අංකය නිසි පරිදි ඉන්දියානු බලධාරින් අදාළ කාර්යභාර නිලධාරින් වෙත නිසි පරිදි ලබා නොදීම හේතුවෙන් බවද වාර්තා වේ. ඉන්දියානු බලධාරීන් දී තිබූ අවසරය  එම අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි චෙන්නායි ගුවන් තොරතුරු කලාපයේ රාජකාරි හාරව සිටි ගුවන් ගමන් පාලකයා විසින් බාර ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් මෙම ප්‍රමාදය සිදුවූ බවයි වාර්තා වන්නේ.

 

ඉන්දියානු අරංචි මාර්ගයන්ට අනුව ඉරාන ජනාධිපතිවරයාගේ ගුවන් ගමනට අවසර ලබාදී ඇත්තේ මත්තල ගුවන් තොටුපලින් පිටත්ව යෑමටයි. එහෙත් ඔහු කටුනායක ගුවන් තොටුපලෙන් පිටත්ව යෑම නිසා ඇති වූ තාක්ෂණික දෝෂයක් මෙයට හේතුවූ බව ද ඉන්දියානු පාර්ශ්වයෙන් ලැබෙන වාර්තා පවසයි.

 

මේ හේතුවෙන් ඉරාන ගුවන් යානයේ නියමුවාට එරටින් දඬුවම් පැමිණවීම සදහා කටයුතු කරන බවද ඉරාන ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි. මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ නීතිඥ මහතෙකු අප වෙත පැවසූවේ ඉන්දියාව සහ ඉරානය අතර පවතින රාජ්‍යය තාන්ත්‍රික ගැටුම ශ්‍රී ලංකාවෙත් පිටත්ව යන ඉරාන ජනාධිපතිවරයා අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් හිතා මතා යොදා ගෙන ඇති බවයි .

 

 

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *