Press "Enter" to skip to content

තුර්කි ගුවන් යානයක් කටුනායක දී අනතුරකට

තුර්කි ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපලේ දී ඊයේ (06) රාත්‍රියේ අනතුරට ලක්ව තිබෙනවා.

 

ඒ 330 එයාර් බස් වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි ගුවන්තොටුපළ  වාර්තාකරු සඳහන් කළේ.

 

කටුනායක ගුවන්තොටුපලෙන් තුර්කියේ ඉස්ථාන්බුල් නුවර බලා පිටත්ව යාමට සූදානම්ව තිබූ මෙම ගුවන් යානයට පැටවීම සඳහා රැගෙනවිත් තිබූ බහාලුමක් ගුවන් යානයේ අංක 2ක එන්ජිමේ ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

 

ගුවන්තොටුපල අවට ඊයේ රාත්‍රියේ දැඩි සුළං තත්වයක් පැවතුණා.

 

කෙසේ වෙතත් ගුවන් අංගන මෙහෙයුම් ක්‍රියාකරුවන් නිසි පරිදි තිරිංග යොදා නොතිබීම හේතුවෙන් මෙම අනතුරු සිදු වූවාද යන්න පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

 

අනතුරට ලක් වූ තුර්කි ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය තවදුරටත් කටුනායක ගුවන් තොටුපලේ රදවා ඇති බවයි වාර්තා වන්නේ.

 

තහවුරු කරගත් පුවත් එසැණින් දැනගන්න කුඹියෝ නිව්ස් Whatsapp Group සමගින්  ක්වන්න 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *