Press "Enter" to skip to content

දමිතාගේ අපේක්ෂිත ඇපය විසිවෙයි

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා, රුපියල් ලක්ෂ 30 ක මුදලක් වංචා කළැයි කියමින් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් තමන් අත් අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින් ප්‍රසිද්ධ රංගන ශිලිපිනියක වන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ගොනු කර තිබූ අපේක්ෂිත ඇප අයැදුම් පත්‍ර කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (27) ප්‍රතික්ෂේප කළේය.

 

දමිතා අබේරත්න මහත්මිය පවතින නඩු සඳහා ඇප මත සිටීමත් දිගින් දිගටම පැමිණිල්ලට සහාය නොදී විමර්ශන කටයුතු මඟ හැර සිටීමත් පැමිණිල්ල සම්බන්ධයෙන් අගාමික විගාමික පනතේ 45(ඇ) වගන්තිය යටතේ කරුණු වාර්තා කර තිබීම නිසා ඇප ලබා දීමට මහේස්ත්‍රාත් අධිකරණය බලයක් නොතිබීමත් හේතුවෙන් අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රය ප්‍රතික්ෂේප කරන බව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ප්‍රකාශ කළේය.

 

තමන් ප්‍රසිද්ධ රංගන ශිලිපිනියක් මෙන්ම දේශපාලනයේ නිරත වන්නියක වීම හේතුවෙන් දමිතා අබේරත්න මහත්මියට අපකීර්තියක් ගෙන දීම සඳහා කළ පැමිණිල්ලක් බව පවසමින් ඇය සහ ඇයගේ සැමියා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අපේක්ෂිත ඇප අයැදුම් පත්‍රය ගොනු කර තිබිණ.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *