Press "Enter" to skip to content

“මම මුහුදට බිලිවුණොත් කොරෝනා තුරන් වේ නම් ඊට ලෑස්තියි”- සෞඛ්‍ය ඇමතිනීය විහාරමහා දේවිය වෙයි

සමාජ මාධ්‍යවල තිබූ ඇතැම් සටහන්වලින් ඉල්ලා තිබූ පරිදි තමා මුහුදට බිලිවුවහොත් කොවිඞ් වසංගතය තුරන් වන්නේ නම් ඊටද සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී කියයි.

 

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කරුණු කිහිපයක් පිළිබඳ ගැසට් පත්‍ර දෙකක් පිළිබඳ කරුණු දැක්වීමක් කරන අතරතුර ඇය අද මේ බව සඳහන් කළේය.

 

කොරෝනා වසංගතය රටින් තුරන් කිරීම වෙනුවෙන් කළ හැකි ආගමික වතාවත් පිළිබඳ පෙරමුණ ගන්නා ලෙස තමාට විවිධ ආගම්වලින් ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත්ව ඇති අතර තමා හැකි අයුරින් ඒවාට සහභාගී වන බව ද ඇය එහිදී සඳහන් කළාය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *