Press "Enter" to skip to content

මහජන දිනයේ ඇමැතිවරුන් හා නිලධාරීන් අමාත්‍යාංශයේ රැඳී සිටීම අනිවාර්ය බව ජනපති කියයි

අමාත්‍යාංශවල මහජන දිනය ලෙස වෙන්කර ඇති බදාදා දිනයේ දී අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා රාජ්‍ය නිලධාරීන් වෙනත් කටයුතු යොදා නොගෙන ජනතාවගේ ගැටලු විසඳීම සඳහාම වෙන්කරගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කැබිනට් මණ්ඩල රැස්වීමේදී දැනුම් දී තිබෙනවා.

බදාදා දිනවල වෙනත් කිසිම රැස්වීමක් යොදා නොගෙන කාර්යාලයේ රැඳී සිටින ලෙස සියලු නිලධාරීන්ට උපදෙස් දෙමින් අමාත්‍යාංශ ලේකම්වරයා ලවා චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී ඇමැතිවරුන්ට පවසා තිබෙනවා.

තම ගැටලු විසඳාගැනීම සඳහා දුරබැහැර සිට කොළඹට පැමිණෙන ජනතාවගේ ගැටලු එම ස්ථානයේදීම කාර්යක්‍ෂම විසඳා දෙන ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙහිදී දැනුම් දුන් බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (3) පැවසුවා.

සම කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (3) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින්.
තහවුරු කරගත් නිවැරදි පුවත් එසැණින් දැනගන්න අපගේ කුඹියෝ නිවුස් whatsapp group සමගින් සම්බන්ධ වන්න මෙතැනින්

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *