Press "Enter" to skip to content

ශ්‍රී ලංකාවට තවත් තරගයක් අද පැරදුණොත් අවසන් පූර්ව වරම් අහිමි වෙයි!

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපර් ලීග් වටයට අදාළව ශ්‍රී ලංකාව සහභාගිවන තවත් තරගයක් අද රාත්‍රියේ පැවැත්වෙනවා.

ඒ, එංගලන්ත කණ්ඩායමට එරෙහිවයි.

මේ වනවිට ශ්‍රී ලංකාව තරග තුනකට ක්‍රීඩා කර එක් තරගයක් පමණක් ජයග්‍රහණය කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ ඉන්දියාවට එරෙහිව පැවති තරගය කඩුලු අටකින් ජයගැනීමට නවසීලන්තයට හැකි වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 110 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 14යි පන්දු3 කදී ජයග්‍රාහී සීමාව පසුකර ගියේ කඩුලු 2ක් පමණක් දැවී තිබියදියි.

මෙම තරගයට පෙර නැමීබියාව සමඟ පැවති තරගය ඇෆ්ගනිස්ථානය ජයගත්තේ ලකුණු 62කින්.

 

කුඹියෝ නිවුස් වට්ස්ඇප් ගෲප් සඳහා එක්වන්න මෙතැනින් 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *