Press "Enter" to skip to content

ජනක තනතුරෙන් ඉවත් කිරීමේ විවාදය අද… ජනකට මැතිසබය තහනම්

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන්  සභාවේ  සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳ විවාදය දැක බලා ගැනීම සඳහා රත්නායක මහතාට අවසර  නොදීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.

 

ඒ බව ජනක රත්නායක මහතාට දැනුම් දුන් බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.

 

පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව යමින් ඒ තීරණය ගත් බවද ඔහු සඳහන් කළේය.

 

තමාට එරෙහිව පැවැත්වෙන විවාදය දැක බලා ගැනීම සඳහා තමාටත් තමාගේ පුතුන් දෙදෙනාටත් අවසර ලබාදෙන ලෙස  ජනක රත්නායක මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන්  පසුගියදා ඉල්ලීමක් කළේය.

 

විවාදය පාර්ලිමේන්තුවට පැමිණ දැක බලා ගැනීම සඳහා අවසර නොලැබීම නිසා යූ ටියුබ් හරහා විවාදය නරඹන බව ජනක රත්නායක මහතා පැවසීය.

 

ජනක රත්නායක මහතා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පිළිබඳව විවාදය හෙට (24) දවස පුරා පැවැත්වේ. යෝජනාව  පිළිබඳ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

 

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *